ආඩියුනෝ කේතන ක්‍රමය
 

ආඩියුනෝ ක්‍රමලේකයක ප්‍රධාන අංශ 3 ක් ඇත.


1. නියත (Constants)
ඔබගේ ක්‍රමලේඛනයේ නියත දත්ත, එනම් අග්‍ර අංක ආදිය මෙහි සඳහන් කරයි. ඒවා ඔබට ක්‍රමලේකයේ ඕනෑම තැනක භාවිතා කළ හැක.

const int ledPin = 13;
const int inPin:10;

මෙම අගයන් පසුව වෙනස් කළ නොහැක.



2. ආරමිභක සැකසුම (Setup)
ආඩියුනෝ ක්‍රමලේකය ආරම්භයේදී ලබාදෙන මූලික දත්ත සඳහා භාවිතා කරයි. එය එක් වරක් පමණක් සිදුවෙන ක්‍රියාවකි. මෙතනදී ආඩියුනෝ අග්‍ර ආදාන ( INPUT) හෝ ප්‍රතිදාන (OUTPUT) ලෙන මාන කල හැක. ඉන් අපට එම අග්‍රය දත්ත ලබාගන්නා අග්‍රයක් ලෙස හෝ හෝ දත්ත ලබාදෙන අග්‍රයක් ලෙස භාවිතා කල හැක.



void setup() {
pinMode(ledPin, OUTPUT);
pinMode(inPin, INPUT);
}



3. ලූපය (Loop)
ආඩියුනෝ ක්‍රමලේකයක නැවත නැවත සිදුවන ලූපය ආඩියිනෝවේ මෙහෙයුම් ක්‍රියාවලියයි. ඔබ විසින් ආඩියුනෝ වෙත ලබාදෙන විධාන එකින් එක ඉහල සිට පහලට ක්‍රියාකරන අතර, ලූපය අවසානයේ නැවත ලූපයේ මුල සිට පහලට ක්‍රියාත්මක වේ. ඔබ ආඩියුනෝවේ බලය ක්‍රියා විරහිත කරන තුරු මේ සිදුවීම වේ.

void loop() {
digitalWrite(ledPin, HIGH);
}

ඔබගේ ආඩියුනෝවට උශ්නත්ව සෙන්සරයක් සම්බන්ධ කර ඇත්නම් සෑම තත්පර 5කට වරක් උශ්ණත්වය මැනීම ඔබට කල හැක.



4. ශ්‍රීත Functions
සරළ ක්‍රමලේකයක් ආඩියුනෝ ලූපය තුල ලිවිය හැකි උවත්, සාර්ථක ක්‍රමලේඛනයට ශ්‍රීත භාවිතා කෙරේ. ශ්‍රිතයකට දත්ත ලබාදිය හැකි අතර, ශ්‍රීත ක්‍රියාවලියට පසු දත්තයක් ආපසු ලබාගත හැක.

void switchOff() {
digitalWrite(ledPin, LOW);
}

void switchOff() {
digitalWrite(ledPin, HIGH);
}

ආඩියුනෝ c භාෂාව භාවිතා කරන අතර, ඔබ c ක්‍රමලේඛනය ඉගැනීම මෙහිදී ඉතා වැදගත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017