ආඩියුනෝ යනු කුමක්ද?
 
අාඩියුනෝ යනු ක්‍රමලේකනය ක‍ල හැකි මයික්‍රො කොන්ට්‍රෝලරයක් සහිත මව් පුවරුවකි. 


එය සරල පරිගනකයකට සමාන ඉලෙක්ට්‍රෝණික පරිපථයකි. එය කිලෝබයිට් සුළු ගණනක මතකයකින් යුක්ත අතර ඉලෙක්ට්‍රෝණික උපකරණ සම්බන්ධ කල හැකි අග්‍ර (Pin) තිබේ. අාඩියුනෝ පරිපථය වෝල්ට් 5ක සරළ ධාරාවකින් (DC)ක්‍රියා කරයි.
 
ආඩියිනෝව කුඩා පරිගණකයක් නිසා . ඔබට එහි මයික්‍රෝපාලන චිපය මගින් විද්යුත් ආදාන සහ ප්‍රතිදාන කේතනය කල හැක.

අවම ආඩුයිනෝ කේතනයට ඔබට අවශ්‍ය උපකරණ නම් 
Breadboard - පරිපථ පුවරුවක්
Red LED - රතු LED බල්බයක්
150Ω Resistor - 150 ඕම් ප්‍රතිරෝධකයක්
Jumper Wires - සම්බන්ධක වයර

මීට අමතරව අමතර නිල්, කහ බල්බ, බොත්තම් යතුරක්, මෝටරයක් හා උශ්නත්ව සංවේදකයක් තිබීම වැදගත්ය.

1.  ආඩියුනෝ පුවරුව - Arduino Board
මෙය හරියට computer එකේ motherboard එකක් හා සමානය. අපි සියලුම උපාංග ආඩියිනෝ පුවරුවට (board) එකට සම්බන්ධ කරමු. Arduino Uno පුවරුව ආරම්භක වැඩ වලට සුදුසු වේ.



2. ආඩියුනෝ පුවරුවට බලය ලබාදීමට හා පරිගණකයෙන් ක්‍රමලේකන උඩුගත (upload)කිරීමටත් USB කේබලයක් භාවිතා කරයි. ආඩියුනෝව ඒ මගින් පරිගණකයට සම්බන්ධ කරගත් පසු, ධාරාව ලැබේ නම් එහි බ‍ල්බය පත්තු වේ.


3. ආඩියුනෝ සංවේදක Sensors
ඉලෙක්ට්‍රෝණිකව අවට පරිසරයේ දත්ත ලබාගැනීමට සංවේදක භාවිතා කෙරේ. ආඩියුනෝවේ අග්‍රයකට සම්බන්ධ කල උශ්ණත්ව සංවේදකයකින් පරිසරයේ උශ්නත්වය විද්යුත් අගයක් ලෙස ලබාදේ.


ආඩියුනෝ සංවේදක සමහරක්.
චලන සංවේදක - Motion Sensors
සංවේදකය නිකුත් කරන Infra Red ආලෝක තරංගයන් මගින් චලනය හඳුනා ගනී.

අර්දතාව සංවේදක - Humidity Sensors
පරිසරයේ ජල වාශ්ප ප්‍රතිශතය අර්ද්‍රතාවය ලෙස මැනේ. එය 0 සිට උපරිම 100 දක්වා අගයක් ගනී.

ආලෝක සංවේදක - Light Sensors
ආලෝකයේ තීව්රතාවය මැනීමට යොදාගනී.

මෙවන් සංවේදක විශාල ගණනක් ඇත.

4. මෝටර් - Servo Motor
මෙම මෝටර් අපට අවශ්‍ය දිශාවකට, අවශ්‍ය වේගයකින් හා අවශ්‍ය කාලයක් තුල කැරකැවීමට විධාන ලබාදිය හැක.


(c) Shilpa Sayura Foundation 2006-2017