මහා පරාක්‍රමබාහු
 

ක්‍රි.ව.1164-1197
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.33 යි)

ගජබා රජු ගේ මරණින් පසු පරාක්‍රමබාහු රජු සේනා සන්නද්ධව පොළොන්නරුවට පැමිණියේය. රුහුණු රට මාණාභරණ රජු ද සෙනඟ ගෙන රජ රටට පැමිණ එය අත්පත් කරගන්ට උත්සාහ කෙළේය. පරාක්‍රමබාහු රජුගේ අමාත්‍යයන් ඒ සතුරු සේනාව මැරූ හේතුවෙන් මාණාභරණ රජු සිය රටට පලා ගියේය.

පරාක්‍රමබාහු රජු මුළු ලංකාද්වීපයම අත්පත් කොටගෙන එය බලසම්පන්න රාජ්‍යයක්‌ කරනු පිණිස කටයුතු කෙළේය. නගරය වටේට ගල් පවුරක්‌ ද බොහෝ ගණන් මණ්‌ඩප ප්‍රාසාද ආදිය ද කරවා නොයෙක්‌ යුද්ධ කරණකොට නටඹුන්ව තිබුණු පොළොන්නරුව සිත්කළු වූ මහත් නුවරක්‌ කරවූයේය.

රාජ්‍යයේ රක්‍ෂස්‌ථාන පිණිස බලකොටු බඳවා වනයෙන් ගැවසීගත් ඇළදොළ එළිකොට මහවන කප්පවා වී ගැල් දහස්‌ ගණන් වැපිරෙන තෙක්‌ කරවීය. සොළී සේනාව විසින් නසන ලද අනුරාධපුරයෙහි පෙර රජුන් විසින් කරවන ලද පවුරු වීථි ප්‍රාසාද ආදිය ප්‍රතිසංස්‌කරණය කෙරෙව්වේය.

මෙසේ පරාක්‍රමබාහු රජු විසින් ලංකාද්වීපය ඉසුරුමත් වූ ද , බලසම්පන්න වූ ද රාජ්‍යයක්‌ කරන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017