දෙවැනි ගජබා
 

ක්‍රි.ව. 1142-1164
අගනගරය : පොලොන්නරුව (පා.කා. අවු. 22 යි)

වික්‍රමබාහුගේ පුත් ගජබා කුමරු පිය රජු ඇවෑමෙන් රජකමට පත්විය. එකල්හි දෙබෑ රජවරු තම සේනාව ගෙන රජරට අත් කරගනු පිණිස යුද්ධයට ගොස්‌ පැරදී සියරට වලටම ගියෝය. ඉන්පසු ඔවුහු යද ආසාව අතහැර තමන්ගේ රාජධානි වලම වාසය කළෝය.

සිරිවල්ලභ රජු ඇවෑමෙන් ඔහුගේ පුත් මාණාභරණ කුමාරයා රුහුණු රට රජවිය. කිත්සිරිමේ රජු ඇවෑමෙන් මාණාභරණ රජුගේ පුත් පරාක්‍රම නම් කුමාරයා දක්‌ෂිණ ප්‍රදේශය අයත් කොට ගත්තේය. පරාක්‍රමබාහු රජු තමන් අයත් වූ කුඩා රාජ්‍යය වහාම නිරවුල් කොට තබා මුළු ලංකාව එක්‌සත් කොට ගනු සඳහා විශාල සේනාවක්‌ ද
ධන ධාන්‍යා දී සම්පත්තිය ද සියලු යුද්ධ උපකරණ ද සම්පාදනය කෙළේය.

ඉක්‌බිති රජරට නොයෙක්‌ බලකොටු බිඳ බොහෝ සතුරන් මරා පොළොන්නරුව අත්පත් කර ගත්තේය. එහෙත්, සංඝයාගේ ඉල්ලීම නිසා දුකසේ ගත් ඒ රාජ්‍යය ගජබා රජුටම දී සිය රටටම ගියේය. ගජබා රජු ගං තලාවට ගොස්‌ රාජධානියක්‌ කොටගෙන එහි වාසය කොට තමන් රාජ්‍යශ්‍රීයට පැමිණි 22 වෙනි වර්ෂයේ දී
රෝගයක්‌ වැළදී කලුරිය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017