ක්‍රි.ව.1121-1142
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු. 21 යි)
වික්‍රමබාහු රජු රාජ්‍යය ලැබ එක් අවුරුද්දකට පසු මාණාභරණ රජු සහ සහෝදරයෝ රජරට අත්පත් කරගනු පිණිස යුද්ධයකට ගොස් පැරද පලා ගොස් පස් යොදුන් රට බලකොටුවකට වන්හ. එකල්හිම ආරිය රට උපන් වීරදේව නම් අධිපතියෙක් සේනාවක් ගෙන මෙහි බැස වික්‍රමබාහු රජු හා යුද්ධයකට ගොස් මැරුම් කෑවේය.
මාණාභරණ රජ රත්නාවලී නම් බිසව හා පීළගම වාසය කරන සමයෙහි පසුකාලයක ශ්‍රී පරාක්‍රමබාහු යන නමින් ප්‍රසිද්ධ වූ කුමාරයා උපන්නේය. පුත්‍රයා ලැබ නොබෝ කලකින් රජු කලුරිය කෙළේය. පසුව කිත්සිරිමේ කුමාරතෙම දෙටු බෑයාගේ රට අත් කොටගෙන සිරිවල්ලභ කුමාරයාට අනික් දෙරට දුන්නේය.
සිරිවල්ලභ කුමාරයා රත්නාවලි බිසව සහ කුමරු කැඳවාගෙන මානාසුල නුවරට ගොස් එහි වාසය කෙළේය. වික්‍රමබාහු රජු එක්‌විසි අවුරුද්දක් රාජ්‍යය කොට මියගියේය.
