ක්‍රි.ව. 1065-1120
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු. 55 යි)
ලොකේශ්වර නම් සේනාපතියකු ජනයා මැඩ රුහණු රටට පැමිණ කතරගම වාසය කරන කල්හි මාණවම්ම රජුගෙන් පැවත ආ කීර්ති නම් කුමාරයෙක් රාජ්‍යය ලබාගන්නා අදහස් ඇතිව මුස්‌සල නම් ගම විසීය. ඉක්‌බිති හෙතෙම බුද්ධ රාජයයි ප්‍රසිද්ධ එක්‌තරා අයකුගේ උපකාර ඇතිව හේවායන් රැස්‌කොට ලෝකේශ්වර රජුගේ සේනාවන් විසුරුවා සියලු මලය රට තම අණසකට පවරා ගත්තේය.
ලෝකේශවර තෙමේ නොයෙක්‌වර සේනාවන් යවා කීර්ති කුමාරයා පරාජය කිරීමට නොහැකිව මියගියේය. එකල්හි කසුබ් නම් කුමාරයෙක් රුහුණු රට අත්පත් කර ගත්තේය. සොළීහු මේ අතර පොළොන්නරවෙන් නික්‌ම යුද්ධයට සැරසී කතරගම නුවරට ගිය නමුත් කසුබ් කුමරුන් විසින් නෙරපා දමන ලද්දේය. එකල කීර්ති කුමාරතෙම යුද්ධාරම්භ කොට කතරගම් නුවරට ගොස් කසුබ් කුමාරයාගේ සේනාවක් පරාජය කළේය. මේ සටනේ දී කසුබ් කුමාරයා ද මරන ලද්දේය.
