ක්‍රි.ව.991-1001
අගනගරය : පොළොන්නරුව (පා.කා.අවු.10 යි)
සතරවෙනි මිහිඳු රජුගේ පුත්‍ර වූ පස්‌වෙනි සේන පිය රජු ඇවෑමෙන් රජවිය. මෙතෙම රාජ්‍යශ්‍රීයට පැමිණෙන කළ දොළොස් හැවිරිදි වයස් වූයේය. එහෙයින් පිය රජුගේ සේන නම් සෙනෙවි තෙම රාජ්‍යය විචාළේය.
ඉක්‌බිති සේන ඇමති තැම පසල් දනව්වට ගොස් සිටින අතර රජ තෙමේ උදා නම් ඇමතියකු සෙනෙවිරත් කෙළේය. සේන ඇමති තෙම එපුවත් අසා සෙනඟ රැස්‌කොට යුද්ධයට ආයේය. එකල්හි රජතෙම රුහුණට පලා ගියේය. මින්පසු රජු ඇමතියා හා සමඟ සමාදානයක් පවත්වා නැවතත් නුවරට අවුත් රාජ්‍යය කෙළේය. ඉක්‌බිති මේ රජ මත්පැනට පුරුදු වී අකාලයෙහිම මිය ගියේය.
