සතරවැනි මිහිඳු
 

ක්‍රි.ව. 975-991
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.16 යි)

සතරවෙනි සේන රජුගේ මරණින් පසු සතරවෙනි මිහිඳු රජ රාජාභිෂේක ලැබ වර්ෂ දාසයක්‌ රාජ්‍යය කෙළේය. හෙතෙම සොළීන් විසින් දවන ලද සමන්ත කුට පර්වතය මත්තෙහි සාදා තිබූ චෛත්‍ය මන්දිරය ප්‍රකෘතිමත් කෙළේය.

වල්ලභරාජ නම් සොළී රජු විසින් එවන ලද යුද්ධ සේනාව හා යුද්ධ කරනු පිණිස තමන් සෙනෙවියා හා සේනාව යවා සොළීන් පරදවා ජයගෙන දේශාන්තරයෙහි ද කීර්තිය
පැතිරවීය මේ රජ කලිගු රටින් වංශවත් කුමාරිකාවක්‌ සරණකර ගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017