තුන්වන උදය
 

ක්‍රි.ව.964-972
අගනගරය : පොළොන්නරුව (පා.කා.අවු.08 යි)

සේන රජු ඇවෑමෙන් රජ පැමිණි තුන්වෙනි උදය රජ අටවසක්‌ රාජ්‍යය කෙළේය. පෙර රජවරුන්ට මොහුගේ තිබුණු නෑකමක්‌ පොත පතෙහි සඳහන් නොවේ. සවෙනි දප්පුල රජු දවස ලංකාවේ සැඟවී සිටි පඬි රජුගේ ආභරණ එවන ලෙස සොළි රජු විසින් උදය රජහට හසුන් එවන ලද්දේය.

උදය රජ එය නොසැලකු බැවින් සොළී රජ ලංකාවට යුද්ධ සේනාවක්‌ එවුවේය. පළමු සටනින් උදය රජු පරාජය ලැබූ නමුත් රුහුණු රට ආණ්‌ඩු කළ කුමාරයකුගෙන් උපකාර ලැබ සිංහල රජු විසින් සොළීහු ලංකාවෙන් නෙරපා හරින ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017