ක්‍රි.ව. 952-955
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.03 යි)
දප්පුල රජුගේ ඇවෑමෙන් පසු යුවරජ තනතුරෙහි සිටි උදය නම් ක්‍ෂත්‍රිය තෙමේ රාජ්‍යශ්‍රීයට පැමිණ තුන් අවුරුද්දක් රාජ්‍යය කෙළේය. මේ රජු රාජ්‍යයට පැමිණි නොබෝ කලකදී සමහර වැසියෝ රජුගේ අපරාධ කරන කොට ගෙන කෝලාහල කරන්නට ගත්හ.
රජු ඔවුන්ට දඬුවම් කරන්නට වන් කළ බොහෝ දෙන මහණ වූහ. රජ තෙමේ ඔවුන්ගෙන් පිරිසක් අල්ලා හිස් කප්පවා වීථිවලට දැම්ම විය. මහණ වෙස් දැරූවන්ට පීඩා කරන බව දුටු රට වැසියෝ කිපී කැරලි ගැසී රජ මාලිගාව වටලාගත්හ.
රජු පවුරෙන් පැන රුහුණු රටට පලා ගියේය. ඉක්‌බිති භික්‌ෂූන් පිරිසක් විසින් වැසියන් සමාදාන කරන ලදුව රජ තෙමේ සියපුරයට ආයේය.
