පස්‌වෙනි දප්පුල
 

ක්‍රි.ව.940-952
අගනගරය : පොළොන්නරුව (පා.කා.අවු.12 යි)

ඉකබිති කසුප් රජුගේ පුත්‍ර වූ පස්‌වෙනි දප්පුල කුමරා රජවිය. ඔහු රජ කරන සමයෙහි පඬි රජ තෙම සොළි රජු විසින් පරාජය කරන ලදුව සිය රට හැර දමා අවුත් මාන්තොට්‌ටම් නම් ස්‌ථානයෙන් ලංකාවට ගොඩ බැස්‌සේය.

සිංහල රජු පඬි රජුගේ වාසය පිණිස අනුරාධපුර සමීපයේ මාලිගාවක්‌ දී ආගන්තුක සත්කාර කොට සොළිරජු හා යුද්ධයට උපකාර කරන්නටද ගිවිසී නමුත් සිංහල රාජ කුමාරයන් අතර කිසියම් කරුණකින් දරුණු කෝලාහලයක්‌ ඇතිවූ බැවින් බිය වූ පඬි රජු තමාගේ රාජාභරණදිය පවා දමා ලංකාවෙන් සැඟවී ගියේය. පස්‌වෙනි දප්පුල රජු දොළොස්‌ අවුරුද්දක්‌ රාජ්‍යය කොට කාලක්‍රියා කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017