ප්රෝාටීනවල වැදගත්කම
 
  •  ශක්ති ප්රසභවයක් ලෙස කාබොහයිඩ්රේට හා මේදවලින් සපයන ශක්තිය නොසෑහෙන විට ප්‍රෝටීන් ක්‍රියාත්මක වීමෙන් ශක්තිය නිපදවේ. 
  • ව්‍යූහාත්මක සංඝටක සෑදීම සඳහා සෛල පටලය සෑදීමට ප්‍රධාන සංඝටකයක් ලෙස ප්‍රෝටීන්  වැදගත් ය. මීට අමතරව සත්ත්ව දේහවල සම්බන්ධක පටකවල සංඝටකයක් ලෙස කොලැජන් ප්‍රෝටීනය ඇත. කෙස් හා කුරුලු පිහාටු ආදියේ කෙරටින් නම් ප්‍රෝටීන වර්ගය ඇත. 
  • එන්සයිම ලෙස ක්‍රියාකිරීම
    ජීවීන් තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා එන්සයිමය මඟින් උත්ප්‍රේරණය කරයි. මෙම එන්සයිම සෑදී ඇත්තේ ප්‍රෝටීන වලිනි. 
  •  හෝමෝන ලෙස ක්‍රියාකිරීම
    ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතියට වැදගත් වන හෝමෝන, ප්‍රෝටීන් වේ.
    නිදසුන: සත්ත්වයින්ගේ ඉන්සියුලින් හෝර්මෝනය, වර්ධක හෝර්මෝනය. 

  • ප්රතිදේහ ලෙස ක්‍රියාකිරීම
    විවිධ රෝගකාරක ක්ෂුද්රසජීවීන්ගෙන් ආරක්ෂාවීම සඳහා ශරීරය තුළ නිපදවෙන ප්රනතිදේහ ද ප්‍රෝටීන් වේ. 
  • එන්සයිම
    ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රිතක්‍රියාවල සීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ජීවීන් ම නිපදවන විශේෂිත ප්‍රෝටීන් (කාබනික උත්ප්රේරක) එන්සයිම ලෙස හැඳින්වේ. 
  • නිදසුනක් ලෙස :
    සුක්රෝස් ග්ලුකෝස් බවට පත්කිරීමට තනුක අම්ල සමඟ රත් කළ යුතු වේ. නමුත් ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු එන්සයිම මගින් මෙම ප්‍රිතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී ඉතා පහසුවෙන් සිදු වේ. එබැවින් එන්සයිමවල කාර්යය වන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි.
(c) Shilpa Sayura Foundation 2006-2017