මෙන්ඩල්ගේ පරීක්ෂණ
  ආවේණික ලක්ෂණ පිළිබඳ ජාන සංකල්පය

ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන්නේ යම් අංශුමය සාධක විශේෂයකින් බව මෙන්ඩල්ගේ අදහස විය. මේ සාධක ජනකයින්ගෙන් ජනිතයන්ට ගමන් කරන්නේ ස්ත්රී හා පුරුෂ ජන්මානු මඟිනි. ජීවීන්ගේ ජන්මානු සදීමේ දී අංශුමය සාධක දෙක වෙන් වී වෙන් වෙන් වශයෙන් ජන්මාණුවලට ගමන් කරන බව ඔහු සඳහන් කළේය.

ජාන පිළිබඳ නූතන සංකල්පය
පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ආවේණික වන්නේ වර්ණදේහ වල අඩංගු DNA (ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් ඇසිඩ්) නම් මහා අණු මඟිනි. DNA අණුවක් යනු දක්ෂිණාවර්ත ව ඇඹරුණු දාම 2 කින් සමන්විත වු ද්විත්ව - හෙලික්සීය ව්‍යූහයකි.

හෙලික්සියේ දෙපස වූ පොටවල් දෙක සීනි හා පොස්පේට් කාණ්ඩවලින් සමන්විත වේ. DNA අණුවේ ද්විත්ව හෙලෙක්සීය ආකෘතිය හඳුන්වා දුන්නේ වොට්සන් හා ක්රිික් විද්යාපඥයින් දෙදෙනා ය. DNA අණුවේ පොටවල් දෙක යාවී ඇත්තේ G-C, A-T යන භෂ්ම සංයෝජනයන් දෙකක් මඟිනි.

A- ඇඩිනීන් භෂ්මය
T- තයිමීන් භෂ්මය
C- සයිටොසීන් භෂ්මය
G- ගුවැනීන් භෂ්මය
(c) Shilpa Sayura Foundation 2006-2017