පස්‌වන කාශ්‍යප (කසුප්)
 

ක්‍රි.ව. 929-939
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු. 10 යි)

සතරවෙනි කසුප් රජු ඇවෑමෙන් ඔහුගේ බෑනා වූ පස්‌වෙනි කසුප් සිහසුනට පත්ව වසර දහයක්‌ රාජ්‍යය කෙළේය. මේ රජු සමයෙහි පඬි රජු ද, සොළි රජු ද අතරේ යුද්ධයක්‌ ඇති වී පඬි රජු ලංකාවේ රජුගෙන් පිහිට ඉල්ලා සිටියෙන් කසුප් රජු තමාගේ පුත් 'ශාක්‍ය සේනාපති' නම් කුමාරයා යටතේ පඬි රජුට උපකාර පිණිස යුද සේනාවක්‌ යැවුයේය.

සිංහල සේනාව පඬි රජුගේ සේනාව හා එක්‌ව සොළි සෙනඟ හා සටනට වැදුණේය. එකළ සොළි සෙනඟ භය වී සිය රටටම ගමන් කෙළේය. පඬි රජුගේ සේනාව හා සිංහල සේනාව සතුරන් ලුහුබැද සොළි රට යාම ආරම්භ කරන අතර ශාක්‍යසෙන කුමාරයා මළේය.

කාශ්‍යප රජු තමාගේ පුත්‍රයාගේ මරණය ගැන පඬි රජු සැක කොට සිංහල සේනාව ලංකාවට ගෙන්වූයේය. මීට මඳ කලකට පසු කසුප් රජු කාලක්‍රියා කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017