පූතික ටැංකි ක්‍රියාවලියේ දෙවන පියවර වූ පූතික ටැංකියේ දී සිදුවන බැක්ටීරියා ක්‍රියාවලියෙන් පසුව කොටස් ටැංකිය පතුළට එක්වන අතර, පිටාරය පෙඟවුම් වළ වෙත යැවේ. පස තුළට කසළ ජලය උරා ගැනීමට සැලැස්වීම මෙහි අරමුණ යි. මේ නිසා පෙඟවුම් වළ තෙතමනය උරා ගන්නා සුළු පස පිහිටි ස්ථානයක සකස් විය යුතු ය. ලිඳක් වැනි ජල ප්‍රභවයකට ඈත්ව පිහිටිය යුතු ය.
පෙඟවුම් වළ නිර්මාණයේ දී සැලකිය යුතු කරුණු.
1. හැඩය වෘත්තාකාරය. සාමාන්‍ය විෂ්කම්භය මි.මී. 1200ක් පමණ වේ.
2. ගැඹුර සාමාන්‍යයෙන් මීටර තුනක් පමණ විය යුතු අතර, පසෙහි තත්වය අනුව මෙම ගැඹුර වෙනස් විය හැකි ය.
3. බිත්ති, ජලය පිටතට කාන්දු වීමට හැකි පරිදි සකස් විය යුතු ය. ගඩොල් පාවිච්චි කරන්නේ නම් "V" කුස්තුර යොදා ගැනීම සාර්ථක ව කළ හැකි ය.
4. බිත්ති සඳහා අත්තිවාරමට වෘත්තාකාර හැඩයෙන් යුතු (R.C.C Beam) කොන්ක්‍රීට් වර ගැන් වූ සිමෙන්ති යොදා සකස් කර ගත හැකිය.
5. මතුපිට කොන්ක්‍රීට් ආවරණ යෙදීම.
6. වැසි දනවල දී පිටත පසෙහි ජලය පෙඟවුම් වළ තුළට උරා ගැනීම වැළැක්වීම සඳහා පොළොව මතුපිට මට්ටමේ සිට, මි.මී. 750ක් පමණ පහළට පෙඟවුම් වළ බිත්ති ඇතුළත සිමෙන්ති කපරාරුව කළ යුතු ය.