මළ අපද්‍රව්‍ය බැහැර කිරීම
 අතීතයේ බාල්දි වැසිකිළි ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුව ද මේ වන විට සෑම නිවසකම පාහේ සනීපාරක්ෂක පහසුකම් සහිතව ගෑහස්ථ ව පල්දෝරු අපවහන පද්ධතියක් ක්‍රියාත්මක ය. නාගරික ප්‍රදේශවල මළ අපද්‍රව්‍ය බැහැර කිරීමට සංවිධානාත්මක පල්දෝරු අපවහන පද්ධතියක් ක්‍රියාත්මක ය.

එසේ ම නිවාස සංකීර්ණ, රෝහල්, කර්මාන්ත සහ උද්‍යාන ආදී ස්ථානවල පොදුවේ ක්‍රියාත්මක වන අපවහන පද්ධති ස්ථාපනය කර ඇත. සෑම වැසිකිලියකින්ම බැහැර කරන අපද්‍රව්‍ය එක් ප්‍රධාන නළයක් ඔස්සේ ප්‍රතිචක්‍රීකරණයට හෝ පෙගවුම් ටැංකි ක්‍රමයක් ඔස්සේ බැහැර කිරීමට සංවිධානාත්මක ව්‍යාපෘති යොදා ඇත.

පල්දෝරු බැහැරලීම සඳහා නාගරික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොමැති ප්‍රදේශවල පිහිටි නිවාස සහ ගොඩනැගිලි සඳහා ඇතැම්ප්‍ ග්‍රාමීය ප්‍රදේශ තුළ මෙන් තම ඉඩම තුළ පල්දෝරු බැහැරලීම සඳහා පූතික ටැංකි ක්‍රමය යොදා ගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017