ජල උගුල් (Water traps)
 වැසිකිලි පෝච්චියක පතුලේ නිතර රඳවා ගනු ලබන ජල කොටස ජල උගුලක් ලෙස හඳුන්වනු ලබයි. 'U' නළයේ මූලධර්ම අනුව, ජල උගුල් නිර්මාණය වී ඇත. විවිධ හැඩයනට නවාගත් නළ කොටස් ජල උගුල් ලෙස භාවිත කරනු ලැබේ. නවාගත් හැඩය අනුව ජල උගුල් P,S හා Q ලෙස නම් කරනු ලැබේ.

චීනච්චට්ටි, ගැල්වනයිස් ආලේපිත යකඩ (GI), මැටි සහ ප්ලාස්ටික් වර්ගවලින් මේවා නිර්මාණය කෙරේ. අපවහන ජලය හෝ පල්දෝරු නළය කකෙළවර වන්නේ, පූතික ටැංකිය (Septic tank) හෝ මහාමාර්ග ආශ්‍රිත ව යොදා ඇති ප්‍රධාන පල්දෝරු නළය මගිනි. පූතික ටැංකිය හෝ පල්දෝරු නළ තුළ ඇති සෞඛ්‍යයට අහිතකර අපිරිසිදු වායූන් (NH3, CH4, H2S) ජල උගුලක් යෙදීමෙන් න: දිගේ ආපසු ඒම වළක්වා ගැනීම පිණිස වැසිකිවලින් ඉවත් වන අපිරිසිදු ජලය අපවහන නළයට සම්බන්ධ කිරීමට පෙර ජල උගුලට සවි කරනු ලැබේ.

ජල උගුල් හබක ලෙස ද හඳුන්වයි. ගලික හබක (Gully trap) සහ අතුරු වළ (Interceptor) යනුවෙන් ජල උගුල් දෙකකි.
(c) Shilpa Sayura Foundation 2006-2017