අපවහන නළ
 පල්දෝරු හෝ අපත ජලය බැහැරලීමට යොදා ගන්නා නළ, අපවහන නළ ලෙස හැඳින්වේ. මෙහි දී චීනච්චට්ටි නළ සහ පී.වී.සී. නළ යොදා ගනු ලබයි. මැටි නළ පොළොව මට්ටමින් පහළ අපවහන පද්ධති සඳහා යොදා ගත හැකි අතර, ගොඩනැගිලි සඳහා චීනච්චට්ටි වැනි ලෝහමය නළ සහ P.V.C. නළ භාවිත කළ යුතු ය.

පල්දෝරු අපවහනය සඳහා නූතනයේ බහුල ව යොදාගන්නේ U.P.V.C. නළ හා උපාංග බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.

අපවහන පද්ධතියක නළ, භාවිතය අනුව වර්ග තුනකි.

1. අපත නළය - (Waste pipe)
2. පල්දෝරු නළය - (Sewerage pipe)
3. වාතන නළ - (Vent pipe)

වැසිකිලි පෝච්චියක් සහිත පද්ධතියක පල්දෝරු නළ සඳහා අවම වශයෙන් 100 mm විෂ්කම්භය ඇති නළ යොදා ගත යුතු අතර වැසිකිලි පෝච්චි ප්‍රමාණය වැඩි වන විට 150 mm නළ භාවිත කරනු ලැබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017