ජල දූෂණයේ ප්‍රතිඵල
 1. ජලයේ අස්වාභාවික පාට ඇති කරයි.
2. pH අගය වැඩි කරයි.
3. උෂ්ණත්වය වැඩි කරයි.
4. ජලය තෛල තත්ත්වයට පත් කරයි.
5. ජලයේ කඨිනත්වය වැඩි පත්කරයි.

මෙවැනි තත්ත්වයට ජලය පත් වූ විට පැන නගින ගැටලු

1. විවිධ අපද්‍රව්‍ය මිශ්‍ර ජලය භාවිත කිරීමෙන් විවිධ ලෙඩ රෝග ආබාධ ඇති වීම.
2. පානීය ජලය ලබාගන්නා ජල ප්‍රවාහයන් සහ පෝෂක ප්‍රදේශ දූෂණයට ලක්වීම.
3. මත්ස්‍ය හා වෙනත් ජීවීන් විනාශ වීම.
4. උෂ්ණත්වය වැඩිවීමෙන් මත්ස්‍ය බිත්තර ද විනාශ වන අතර, ධීවර කර්මාන්තය පරිහානියට පත්වීම.
5. කඩොලාන වැනි ශාක ප්‍රජාවන් විනාශ වීම නිසා වෙරළාශ්‍රිත ප්‍රදේශ ඛාදනයට ලක්වීම.
6. නාගරික කසළ ඇලවල් හා ගංගාවලට එකතුවීමෙන් ඇල්ගී, දියහබරල, සැල්වීනියා වැනි ජලජ ශාක බහුල ව වර්ධනය වීම.
7. ගංගා, මුහුදු අපවිත්‍ර වීමෙන් ස්වභාවික පරිසරය ද විනාශ වීම සහ සංචාරක කර්මාන්තයට බාධා ඇතිවීම.
(c) Shilpa Sayura Foundation 2006-2017