ක්‍රි.ව. 901-912
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු 11 යි)
සේන රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර උදය නම් කුමාරයා රාජ්‍යශ්‍රීයට පැමිණ එකළොස් අවුරුද්දක් රාජ්‍යය විචාළේය. රුහුණු පළාතේ කිතු අග්බෝ නම් කුමාරයෙක් සෛවරී බලය පවත්වන්ට තැත් කළ තැන උදය රජු යුද සේනාවක් සමඟ මිහිඳු නම් කුමාරයකු රුහුණට යැවුවේය.
මිහිඳු කුමාරයා සතුරා ලුහුබැද ගොස් ඔහු අල්වා ගෙනවුත් රජුට බාරදෙන ලද්දේය. උදය රජු විසින් වැව් කීපයක් ද, ඇළක් ද බන්දවන ලද බව කියැවේ.
