ජීර්ණය (Decay)
 ජීර්ණය නම් දිරාපත් වීමයි. කාබනික අපද්‍රව්‍ය බැක්ටීරියාවල අතරමැදි ක්‍රියාවක් මඟින් දිරාපත් වීමට සැලැස්වීම ජීර්ණය කිරීමක් ලෙස ද හැඳින්වේ. මෙය ස්වභාවිකව සිදු වන්නක් බැවින් ඒ සඳහා මිනිසාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවේ. නමුත් මෙම ක්‍රියාව වේගවත් කිරීමට අවශ්‍ය පරිසරය සලසා දීම මඟින් මිනිසාට මැදිහත් විය හැකි ය. තව ද මේ සඳහා ස්වභාවිකව දායක වන වේයන්, ගැඩවිල් පණුවන් ආදි ජීවීහු පරිසරයේ සිටිති. ඔවුන් විනාශ වන කෘමිනාශක වැනි දේ භාවිතය අවම කිරීමෙන් ද මෙම ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වීමට දායක විය හැකි ය.

බැහැර කරන කසළ ජීර්ණය කිරීමේ ප්‍රධානතම ක්‍රමවේදය කොම්පෝස්ට් නිෂ්පාදනයයි. මෙහි දී සිදුවන්නේ බැක්ටීරියා මඟින් සිදුකරන රසායනික ක්‍රියාවලියයි. කොමිපෝස්ට් බඳුන් භාවිත කිරීම හා කර්මාන්තයක් වශයෙන් නාගරිකව රැස්වන කසළ කොම්පෝස්ට් නිෂ්පාදනාගාරවල ජීර්ණය වීමට සලස්වා පොහොර නිෂ්පාදනය සඳහා භාවිත කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017