නැවත භාවිතය (Reuse)
 කසළ බැහැර කිරීමේ දී සෑම අපද්‍රව්‍යයක්ම හැකිතාක් දුරට නැවත නැවත භාවිත කළ හැකි නම් එය වඩාත් යෝග්‍යතම ක්‍රමයකි. උදාහරණයක් ලෙස වරක් භාවිත කළ බීම බෝතලයක් වැනි වීදුරු බඳුනක් නැවත නැවත භාවිත කරන්නේ නම් කසළ ජනනය වීම අඩුකර ගත හැකි ය.

විශේෂයෙන්ම භාවිතයට ගත නොහැකි ඉවත ලන රෙදි, කඩදාසි වැනි අපද්‍රව්‍ය, බැහැර කිරීමකින් තොරව නැවත වෙනත් අරමුණු සඳහා යොදා ගත හැකි නම් වඩාත්ම සුදුසු ඵලදායි ක්‍රමවේදය එයම වන්නේය.
(c) Shilpa Sayura Foundation 2006-2017