ඝන අපද්‍රව්‍යවල කාබනික හා කාබනික නොවන (Organic and inorganic) සංයෝග අන්තර්ගත වී ඇත. ද්‍රව අපද්‍රව්‍යවල ප්‍රධාන ලෙස ජලය අන්තර්ගත ය. කාබනික සංයෝග ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමේ දී ජීර්ණය වීම හෙවත් දිරාපත් වීමට භාජනය වේ.
තව ද අකාබනික සංයෝග ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමේ දී වෙනත් සංකීර්ණ සංයෝග බවට පත්වේ. මෙම අවස්ථා දෙකේදීම ඇමෝනියා, මීතේන් වැනි ඊටත් වඩා හානිදායක වායූන් වර්ග පිටකරන අවස්ථා ඇත. මේවා පරිසරයට මුදාහැරීම නිසා ඉතා අහිතකර තත්ත්වයන් ඇතිවේ.
ගෘහස්ථව හා කාර්මික වශයෙන් බැහැර කරන අපද්‍රව්‍ය ඝන සහ ද්‍රව වශයෙන් වෙන් වෙන්ව බැහැර කිරීම ඉතා වැදගත් වන්නේ මේ හේතුව නිසාය. තව ද ඝන ද්‍රව්‍යයක් ලෙස බැහැර කළ යුතු අපද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර වීමෙන් ඒවා නැවත භාවිතයට, පිළිස්සීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි තත්ත්වයට පත් වීමට ඉඩ ඇත.
නිදසුනක් ලෙස පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍යයකි. මය ජලය සමඟ බැහැර කිරීමට උත්සාහ කළහොත් දිරාපත් නොවන අතර ප්‍රතිචක්‍රීකරණයට අපහසු වේ. වාහන සෝදා පිරිසිදු කරන සේවා ස්ථානයක බැහැර කරන තෙල් හා ග්‍රීස් මිශ්‍ර ජලය වෙන් නොකර බැහැර කිරීමෙන් ජලය මත පාවී ගොස් පරිසරයේ විවිධ ස්ථානවල හානිකරන තත්ත්වයන් ඇති කරමින් තැන්පත් වීමට ඉඩ ඇත.