ක්‍රි.ව. 866-901
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු 35 යි)
සිලාමේඝ සේන රජුගේ මරණින් පසු ඔහුගේ සහෝදර වූ කාශ්‍යප ආදිපාදයන්ගේ දෙටුපුත් සේන නම් කුමරු රජවිය. ඔහු රජ වී නොබෝ කලකින් පඬි රජුගෙන් පළි ගැනීමට ඉඩක් ලැබුයේය. පඬිරට කුමාරයෙක් පඬිරජු හා සටන්කොට පරාජය වී සිංහල රජුගෙන් පිහිට ඉල්ලා ලංකාවට පැමිණියේය.
සේන රජු තමන්ගේ සෙනෙවිහට යුද්ධ හමුදාවක් පිළියෙල කර දී පඬි කුමාරයා සමඟ එහි යවා පඬි රාජ්‍යයේ නොයෙක් පළාත් විනාශ කොට මදුරාපුර ප්‍රධාන නගරය ද අත්පත් කොටගනිමින් පඬිරජු ද මැරවීය. නැවත තමන්ගේ පිහිට ඉල්ලා ගිය පඬිකුමාරයාට රාජ්‍යය බාර දී ලංකාවෙන් පඬිරටට ගෙනගිය ධනය ද තවත් විශාල ධන සම්පත් ද යුද්ධ සේනාව ලවා ලංකාවට ගෙන්වා ගත්තේය.
සේන රජතුමා දීර්ඝ කාලයක් යසසින් ද වැසියන් සමාදානයෙන් ද රාජ්‍යය කොට තමා රජකමට පැමිණි තිස්‌පස් වෙනි වර්ෂයේ දී කාලක්‍රියා කෙළේය. මේ කාලයේ දී මහණ උන්වහන්සේලා ගේ සිවුරු පිළිබඳව ද නීලපටධර නම් මිත්‍යා ධර්මයක් ලංකාවේ ප්‍රකාශ වූයේය.
