ගෘහස්ථ ජල පොම්ප
 ගෘහස්ථ ජල සම්පාදනයේ දී බහුලව යොදා ගන්නේ කේන්ද්‍ර අපසාරී පොම්ප (Centrifugal pumps) වේ. මෙම පොම්ප ගතික පොම්ප (Dynamic pumps) කාණ්ඩයට අයත්වන අතර එහි ක්‍රියාකාරිත්වය සිදුවන්නේ තරලය මත කරකැවුම් බලය යොදා තරලයට කේන්ද්‍ර අපසාරී දිශාගතව චාලක ශක්තිය ලබාදීම මගිනි.

කේන්ද්‍ර අපසාරී පොම්ප මගින් තරල පොම්ප කිරීම සිදුවන්නේ කේන්ද්‍ර අපසාරී බලය මඟින් ඇති කරන තරල පීඩන උපයෝගි කරගනිමිනි. මෙම පොම්පයක ප්‍රධාන ක්‍රියාකාරී උපාංග වන්නේ පොළොඹනය (Impeller) සහ කසුව (Casing) වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017