නළයක් තුළ තරලයක් චලනය වීමේ දී හදිසියේ එම චලනය නැවැත්වීම හෝ එම චලිත දිශාව වෙනස් කිරීම හේතුවෙන් ඇති වන සර්ජනය (Surge) හේතුවෙන් දියකෙටුම හටගනී. මෙයට හේතුව, චලනය වෙමින් පවතින ජලස්කන්ධයේ වේගය වෙනස් කිරීම සඳහා එම ස්කන්ධ ත්වරණයකට හෝ මන්දනයකට භාජනය වී (Inertia) බලයක් ගොඩ නැගීමයි. එමගින් පීඩන තරංග බිහි වේ.
දිය කෙටුම බහුල වශයෙන් ඇතිවන සවස්ථාවක් ලෙස ජල නළ පද්ධතියක කෙළවර ඇති කපාටයක් එකවර වැසීම හා ඒ නිසා ඇතිවන පීඩන තරංගය (Pressure vave) නළය තුළින් ගමන් කිරීම හඳුනා ගත හැකි ය. දිය කෙටුම නිසා ජලනළ පද්ධතියක ශබ්දය (Noise) සහ කම්පනය (Vibration) ඇති වේ. ඒ හේතුවෙන් ජලනළ පද්ධතිය බිඳ වැටීම (Collapse) පවා සිදු විය හැකි ය.
මෙම තත්ත්වය අවම කර ගැනීමට ජලනළ පද්ධති වලට සංචායක (Accumulators), ප්රසාරණ ටැංකි (Expansion) හෝ සර්ජන ටැංකි (Surge tanks) අනුගත කරගත යුතු වේ.
1. කපාටය වසා ඇති අවස්ථාව
2. කපාටය විවෘත කළ විට නළය තුළ ජලය ගලායාම
3. කපාටය එකවර වැසීම මගින් දියකෙටුම ඇතිවීම