පී.වී.සී. නළ මූටිටු කිරීමේ ද්‍රාවීය සිමෙන්ති (Solvent cement) ක්‍රමය
 මෙය පී.වී.සී. නළ උපාංග අලවා සම්බන්ධ කිරීම සඳහා බහුලව භාවිත කරන සරල ක්‍රමයකි. පී.වී.සී. වෙල්ඩින් මූට්ටුව නමින් ද හැඳින්වේ. මූට්ටු කිරීම සඳහා ද්‍රාවීය සිමෙන්ති (Solvent cement) භාවිත කරයි.

බ්‍රිතාන්‍ය පිරිවිතර 4346-3 කොටස අනුව නිපදවා ඇති ද්‍රාවීය සිමෙන්ති වාෂ්පශීලිය. මෙම ද්‍රාවීය සිමෙන්ති මගින් වෑද්දීම කර, හොඳින් වියළී උපරිම ශක්තියට එනතුරු භාවිතයට ගැනීම සුදුසු නොවේ.

මෙම ක්‍රමයේ දී නළ කෙළවර පිටත සහ කෙවෙනිය ඇතුළත පීරක් හෝ රයිමරයක් යොදා සුමට කර එම ස්ථාන හොඳින් පිරිසිදු කරගත යුතු ය. ද්‍රාවීය සිමෙන්ති, කෙවෙනියෙහි ඇතුළු පැත්තෙහි සහ නළයෙහි පිට පැත්තෙහි හොඳින් ආලේප කර, නළ කෙළවර කෙවෙනිය තුළට ඇතුළු කර සලකුණු කර ඇති ස්ථානය දක්වා තල්ලු කළ යුතු ය.

මෙම මූට්ටුව වියළීමට ගතවන කාලය, උෂ්ණත්වය සහ නළයේ හරස්කඩ වර්ගඵලය මත රඳා පවතී. සාමාන්‍යයෙන් භාවිතයට ගැනීමට පෙර පැය බාගයක් පමණ සවිවීමට තැබිය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017