ජලය එක් දිශාවකට පමණක් ගැලීම පවත්වා ගැනීමට අනාගමන කපාටය භාවිත වේ. ජලය අනවශ්‍ය දිශාවලට ගලා යාම වලක්වා ජල සැපයුම අවශ්‍ය දිශාවට ගමන් කර වීම සඳහා අනාගමන කපාට උපකාරි වේ. විශේෂයෙන් ම ගෘහස්ථ ජල ගබඩා ටැංකියේ සිට ප්‍රධාන ජල සැපයුමට ජලය ආපසු ගමන් කිරීම (Back syphon) වැලැක්වීමට අනාගමන කපාට යොදා ගැනේ.