ක්‍රි.ව. 846-866
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු 20 යි)
නවවෙනි අග්බෝ රජුගේ සොයුරු සේන හෙවත් සිලාමේඝ සිලාමේඝසේන ඒ රජු ඇවෑමෙන් රජවිය. මේ කාලයේ දී ඉන්දියාවේ පඬි රටේ රජෙක් යුධ සේනාවක් රැගෙන ලංකාවට ගොඩබැස මහපලගම කඳවුරු බැඳ ගත්තේය. සිංහල රජු එහි දී සටනක් කොට පැරදී මලය රටට පලා ගියේය.
ඉක්‌බිති සේන රජුගේ සහෝදර වූ මිහිඳු යුවරජ හා කාශ්‍යප ආදිපාද යන දෙදෙනා ද හමුදාවක් සමඟ ගොස් පඬි රජු හා සටන් කළ නමුත් ජයක් නොලැබුවෝය. මිහිඳු රජු ශෝකය කරණ කොට යුද්ධ භුමියේ දී තමාම දිවි නසා ගත්තේය.
කාශ්‍යප ආදිපාද යුද්ධ භුමියෙන් පලාගොස් සොහොයුරු රජු සැඟවී සිටි ප්‍රදේශයට පැමිණියේය. නැවත පඬි රජු හා යුද්ධ කොට කාශ්‍යප ද මැරුම් කෑවේය.
පඬිරජ නුවරට වැද රත්රන් ප්‍රතිමාරූප රාජාභරණ ආදී වස්‌තුව පැහැරගෙන සිය රටට යැවුවේය. ඉක්‌බිති හෙතෙම සිංහල රජු හා සමඟ මිතුරුවනු කැමතිව දූතයන් යවා සේන රජුගෙන් බොහෝ පඬුරුත් ලබාගෙන සමාදානයක් පවත්වා පඬිරටට ගියේය.
සේන රජු නැවතත් රාජ්‍යය ලැබ අභිෂේකලත් තැන් පටන් අවුරුද්දක් රාජ්‍යය කොට මිය ගියේය.
