ජල පොම්ප සවි කිරීමේ දී, පොම්පය තුළට ජලය ඇද ගන්නා චූෂණ (Suction) නළය කෙළවර සවිකරනුයේ පා කපාටයකි. පා කපාටය සවි කිරීමේ අරමුණ නළය තුළ ඇති ජල කඳෙහි පීඩනය උපකාරයෙන් කපාටය වැසීමට සැලැස්වීම මගින් නළය තුළ ඇති ජලය ආපසු ගලා යාම වැලැක්වීමයි. පා කපාට විවිධ හැඩවලින් නිර්මාණය කෙරෙන අතර මල බැඳීම සිදු නොවන ද්‍රව්‍යයකින් සාදාගත යුතු ය.