ඉපිලුම් ගෝලයක් සහිත කපාටය (Ball valve)
  ජල මට්ටම පාලනය කිරීම සඳහා ජලය ගැලීම ස්වයංක්‍රීය ලෙස නතර කිරීම සඳහා මෙම කපාටය යොදා ගැනේ. ජල මට්ටම අනුව, කපාටයේ ක්‍රියාකාරිත්වය සිදුවේ. ඒ සඳහා කපාටයේ කෙළවර ඉපිල්ලක් ලීවර කොටසකින් ගෝලය හා සම්බන්ධ කර ඇත. ජල මට්ටම ඉහළ, පහළ ගමන් කරන විට, සිදුවන ගෝලයේ ඉපිලීම අනුව කපාටයේ විවෘතවීම හෝ වැසීයාම සිදුවේ.

ජල ගබඩා ටැංකිවල ජලය සැපයෙන කෙළවර ඇති කපාටයකට ඉපිලුම් ගෝලයක් සහිත කපාටයක් සවි කිරීමෙන්, ටැංකිය ජලයෙන් පිරීයනවිට කපාටය ස්වයංක්‍රීයව වැසී යයි. මෙමගින් ජලය අපතේ යාම වැලැක්වෙයි. වැසිකිළි බඳුන් සෝදා පිට කිරීමට යොදා ගන්නා සිස්ටන (Cistern) සඳහා ද මෙම කපාට යොදා ගැනේ.
(c) Shilpa Sayura Foundation 2006-2017