කපාට වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්වය
  නැවතුම් කපාටය (Stop valve)
ජලය ගලායාම අඩු හෝ වැඩි හෝ කිරීමට නැවතුම් කපාටය භාවිත කරයි. සම්පූර්ණයෙන් වසා දැනූ විට ජලය ගැලීම නතර වේ. බ්‍රිතාන්‍ය සම්මත පිරිවිතරවලට අනුව සකස් කෙරෙන නැවතුම් කපාට, පිත්තල හෝ තඹ හෝ ලෝහවලින් නිපදවෙයි.

නැවතුම් කපාට 12 සිට 50 දක්වා ප්‍රමාණවලින් ලබාගත හැකි ය. නැවතුම් කපාටයෙහි ඇතුළත නිර්මාණය බොහෝ දුරට හිටි කරාමයට සමාන ය. රබර් වොෂරය සහිත කපාටය පලුදු වූ විට අලුත්වැඩියා කළ හැකි ය. මෙහි ඉද්ද සහිත හැඬලය ද හිටි කරාමයට සමාන ය.

ගෘහස්ථ ජල සැපයුම් පද්ධතිවල බොහෝ විට යොදා ගන්නා නැවතුම් කපාටය සවි කිරීමේ දී නියමිත දිශාවට සවිකළ යුතු ය. කපාටයේ පිටත, ගැලීම් දිශාව ලකුණු කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017