ටැම් කරාම සවි කරනුයේ දෝවන බඳුන (Wash basin), නාන බේසම (Bath tub) වැනි උපකරණ සමඟ ය. හිටි කරාමය මෙන් නොව ක්රෝමියම් ආලේපිත බැවින් ටැම් කරාමය මනා පෙනුමකින් යුක්තය. එය 12 mm, 20 mm ප්රමාණවලින් ලබාගත හැකි ය.
මෙහි ජල සැපයුම සිරස් ව සවිකළ යුතු ය. මෙම කරාමයේ ඇතුළත කපාටය, හිටි කරාමයේ කපාටයට සමාන ය. කරාමය විවෘත කළ විට බේසමෙන් පිටතට ජලය විසිරීම වැළැක්වීම සඳහා කරාමයේ කෙළවර ඇතුළතින් කුඩා නැසින්නක් සවි කර ඇත.
දෝවන බඳුනෙහි ඇල් ජලයට අමතරව උණු ජලය සැපයිය යුතු විට ටැම් කරාම දෙකක් සවි කළ හැකි ය. උණු ජලය සහ ඇල් ජලය සැපයුම් වෙන්කර හඳුනා ගැනීම සඳහා කරාමයේ මතුපිට පිළිවෙළින් රතු සහ නිල් පැහැති සලකුණු දක්වා ඇත.