හිටි කරාමය (Bid tap)
  හිටි කරාමය සකස් වී ඇති සංරචක කොටස්,

* හැඩලය (Handle)
* ඉද්ද (Shaft)
* බුසි මුරිච්චිය (Gland nut)
* ඇවරටුම් පෙට්ටිය (Stuffing Box)
* උවසුන (Bonnet)
* කපාට තැටිය (Valve disk)
* වොෂරය (Washer)
* මුරිච්චිය (Nut)
* කපාට අසුන (Valve seat)
* කරාම බඳ (Body of the tap)

හිටි කරාම පිත්තල, තඹ වැනි මල නොබඳෙන ලෝහ වර්ගවලින් හෝ ප්ලාස්ටික්වලින් තනනු ලැබේ. මේවා 12 mm සහ 25 mm යන ප්‍රමාණවලින් ලබාගත හැකි ය.

හැඩලය කරකැවීමේ දී ඉද්ද කොටස ඉහළ පහළ ගමන් කිරීම මගින් කපාටය විවෘතවීම සහ වැසීයාම සිදුවෙයි. වෘත්තාකාර ලෝහ තැටියකින් සහ රබර් හෝ සම් වෝෂරයකින් කපාටය සකස් වී ඇත. භාවිතයේ දී වොෂරය අබලන් වූ විට කරාමය වසා ඇති විට ජලය කාන්දු විය හැකි ය. පළුදු වූ වොෂරය ගලවා ඉවත් කර අලුත් වොෂරයක් යෙදීමෙන් කරාමය නැවත භාවිතයට ගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017