ජල නළවල විෂ්කම්භය තීරණය කිරීම
 ජල නළයක විෂ්කම්භය, එම නළය තුළින් ගලා යා යුතු උපරිම ජල ශීඝ්‍රතාවය සඳහා ප්‍රමාණවත් විය යුතු ය. විවිධ ජල උපාංග සඳහා සම්මත ජල ශීඝ්‍රතාවය (Desing flow rate) පහත වගුවෙන් පෙන්වා දිය හැකි ය.



නිවසේ උපරිම ජල පරිභෝජනයක් පවතින අවස්ථාවක, එක් එක් ස්ථානයන්හි පැවතිය හැකි ජලය ගලායාමේ ශීඝ්‍රතාවය, ඉහත වගුවේ දක්වා ඇති සම්මත ජල ශීඝ්‍රතාවයට අනුකූල වන ලෙස ජල නළ විශ්කම්භය තීරණය කළ යුතු වේ.

ජල කරාමයක ජලය ගලායාමේ ශීඝ්‍රතාව, කරාමයට පෙර පවතින ජල හිස මත තීරණය වේ. සාමාන්‍යයෙන් නිවසක නාන කාමරයේ සිට අවම වශයෙන් මීටර 5ක් (අඩි 15ක්) උසින් ජල ගබඩා ටැංකිය රඳවා ගැනීම මගින් ප්‍රමාණවත් ජල හිසක් (Head) පවත්වා ගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017