නළය තුළ ජලය ගමන් කිරීමේ දී සිදුවන පීඩනය හානිය
 නිශ්චලව පවතින ජලය, ගෘහය තුළ ජල පරිභෝජනය ඇරඹූ සැනින් ප්‍රධාන සැපයුම් නළයේ සිට ගෘහත්ථ ජලය බෙදාහැරීමේ නළ පද්ධතිය හරහා චලනය වීමට පටන් ගනී.

මෙසේ ජලය නළ හරහා ගමන් කකරන්නේ වැඩි පීඩනයේ සිට අඩු පීඩනය දක්වා ය. මෙසේ නළ තුළ ජලය ගමනි කරන විට නළයේ ඝර්ෂණය නිසා ද ජල ස්ථර එකිනෙක මත ලිස්සා යාමට ඇතිවන ප්‍රතිරෝධය නිසා ද පීඩන හානියක් සිදුවේ.

ගෘහස්ථ සැපයුමක දී ජල නළයක අභ්‍යන්තර පීඩනය වායුගෝල පීඩනය (bar) 1 සිට 6 දක්වා පවත්වා ගත යුතු ය. බොහෝ ජල උපාංග නිපදවා ඇත්තේ එවැනි පීඩන පරාසයක දී ක්‍රියා කිරීම සඳහා වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017