ගෘහස්ථ ජල සම්පාදන ක්‍රම
 සාමාන්‍යයෙන් නිවසකට ජලය සපයනු ලබන්නේ උස් ස්ථානයක තැබූ ටැංකියකට ජලය රැස්කර ගැනීමෙනි. මෙම ටැංකියට ජලය සපයා ගන්නේ සේවා සැපයුමකින් හෝ ළිඳකින් පොම්ප කර ගැනීමෙනි.

ගෘහ සැපයුම් සේවාවල ජල පීඩනය ප්‍රමාණවත් පරිදි පවතින්නේ නම් ප්‍රධාන ගෘහ සැපයුම් සේවා නළය නිවසේ අභ්‍යන්තර ජල බෙදා හැරීමේ පද්ධතිය සමඟ සෘජු ලෙස සම්බන්ධ කළ හැකි ය.

මෙම අවස්ථාවල දී අනාගමන කපාටයක් (Non-return valve) යෙදීම මගින් ප්‍රධාන ජල සැපයුමට ජලය ආපසු ගමන් කිරීම (Back syphon) වැලැක්විය යුතු ය.

ගෘහස්ථ සේවා සැපයුමක දී ජලනළයක ඇතුළත ජලඋේ පීඩනය, වායුගෝල පීඩනය (bar) 1 සිට 6 දක්වා වෙනස් විය හැකි ය. ජල පරිභෝජනය වැඩි කාල පරාසවල දී පීඩනය අඩුවීමක් සිදුවිය හැකි අතර, මධ්‍යම රාත්‍රිය ආසන්න වේලාවල දී පීඩනය වැඩි වේ. බොහෝ ජලනල සහ උපාංග නිෂ්පාදනය කර ඇත්තේ වායුගෝල පීඩන (bar) 1 සිට 6 අතර පරාසයක දී ක්‍රියා කිරීම සඳහා වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017