කැටිතිකරණය සහ අවසානය (Flocculation & sedimentation)
  ජලයේ අවලම්බිත අංශු කැටිති බවට පත් කිරීම හෙවත් කැටිතිකරණය කිරීම පිණිස ජලයට කැටිතිකාරකය (coagulant) එක්කර කෙටි කාලයක් තුළ දී හොඳින් ජලයට මිශ්‍ර කෙරේ. මෙහි දී coagulant ලෙස ඇකම් (Alum) භාවිත වේ (AI2(so4)3 14.3H2o).

ජලයේ අවලම්භිත අංශු සෘණ ආරෝපිත බැවින් එකිනෙක විකර්ෂණය වෙමින් පවතී. නමුත් ඇලම් එකතු කිරීමත් සමඟ සෘණ ආරෝපිත දුර්වල වීම නිසා අංශු එකිනෙක ආකර්ෂණය වේ. මෙසේ සෑදෙන විශාල සෘණ අංශුවලට කැටිති (Floc) යයි කියනු ලැබේ.

ස්වභාවික ව පවතින හෝ කැටිතිකරණය මගින් ඇති කරගත් ජලයේ තැන්පත් වීමට තරම් ප්‍රමාණවත් බරැති අංශු ටැංකි පතුලේ අවසාදනය වීමට සලස්වා පසුව ඒවා එකතු කර බැහැර කරයි. මෙම පියවරේ දී ජලයේ පවත්නා කුඩා අංශු බොහොමයක් ඉවත් වී ජලයට පැහැදිලි බවක් ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017