තුළුමුව (දිය ගැන්ම) ළිඳක්, මිහිවිදමනක් (Borehole), ගඟක් හෝ වැවක් විය හැකි ය. මෙම මූලාශ්‍ර අනුව ජලයේ ගුණාත්මක තත්ත්වය වෙනස් වන අතර, පිරිසිදු කරන ආකාරය ද වෙනස් වේ. දිය ගැන්මේ දී ජලය එකතු කරන පොම්ප භාවිතයෙන් පිරිපහදුව වෙත ජලය ගෙන යා යුතු අතර, මේ සඳහා බලයක් අවශ්‍ය වීම මෙන්ම, ගොඩනැගීමේ දී අධික පිරිවැයක් දැරීමට ද සිදුවෙයි.