ජලය පිරිසිදු කර බෙදා හැරීම
 ගෘහස්ථ සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය අති විශාල ජල ප්‍රමාණය, ජල ප්‍රභවයන්ගෙන් ලබාගෙන පිරිපහදු කර සෑම ස්ථානයකටම ගෙන යනු ලැබේ. මේ අනුව ප්‍රභවයෙන් ලබා ගැනීම, පිරිපහදුව සහ බෙදාහැරීම ලෙස ජල සැපයුම ප්‍රධාන පියවර තුනකි.

පානීය ජල ව්‍යාපෘතියක් මගින් ජලය ගුණාත්මක තත්ත්වයෙන් යුතු ව සැපයේ. ජලයේ ගුණාත්මකභාවය භෞතික, රසායනික සහ ජෛවීය වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කළ හැකි ය. පොදුවේ ජලයේ තිබිය යුතු ගුණාත්මක තත්ත්ව පහත පරිදි වේ.

1. රෝග කාරක බැක්ටීරියා සහ වෛරස්වලින් තොරවිය යුතු ය.
2. පාට රහිත විය යුතු ය. විනිවිද පෙනිය යුතු ය.
3. ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමින් පැවතිය යුතු ය.
4. ජලය අළුත් විය යුතු ය. අමුතු රසයක් හෝ ගන්ධයක් හෝ ඇති නොකළ යුතු ය.
5. ද්‍රාව්‍ය ඔක්සිජන් අඩංගු විය යුතු ය.
6. විෂදායක ද්‍රව්‍යවලින් තොර විය යුතු ය.
7. විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ප්‍රමාණය අවම විය යුතු ය.
8. මළ බැඳීම් තත්ත්වයන් ඇති නොකළ යුතු ය.
9. ප්‍රමාණවත් කඨිනත්වයක් තිබිය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017