භූගත ජලය
  ශ්‍රී ලංකාවේ භූගත ජල ප්‍රභව, ළිං සහ නළ ළිං ලෙස වර්ගීකරණය කළ හැකි ය. පොළොව තුළට කාන්දුවන ජලය භූමියේ සවිවරතාව හා පාරගම්‍යතාව මත රඳා පවතියි. සවිවරතාව යනු පාෂාණයේ ඇති සිදුරු ප්‍රමාණයයි. පාරගම්‍යතාව යනු කුස්තුර හා විවරවලින් කාන්දු වීමේ හැකියාවයි.

තැන්පත් ව ඇති භූගත ජලය ලබාගන්නේ නොගැඹුරු ළිං මඟිනි. තද පාෂාණ ඇති ප්‍රදේශවල කස්තුර, පැලුම් හා විවර තුළ භූගත ජලය විශාල ලෙස රඳා පවතින අතර එම ජලය නළ ළිං මඟින් ලබා ගැනෙයි. ඇතැම් ප්‍රදේශවල භූගත ජල ද්‍රෝණි පීඩනයට ලක්ව පවතී. එවැනි ස්ථානවල ජලධරය දක්වා හෑරීම නිසා ස්වභාවිකව ම ජලය මතුපිටට ගලා ඒම සිදු වේ. ඒවා ආටිසියානු ළිං වශයෙන් හඳුන්වයි.

ජල ප්‍රභව අනුව ජලයේ රසායනික ගුණ සහ භූතික ගුණ වෙනස් වේ. වර්ණය, රස සහ ගන්ධය සහ ආවිලතාව (Turbidity) වැනි භෞතික ලක්ෂණ, ජලයේ ගුණාත්මක තත්ත්වය තීරණය කරන ප්‍රධාන සාධක වේ.

පානීජ ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ජල ප්‍රභවයක් තෝරා ගැනීමේ දී එහි භෞතික සහ රසායනික ගුණාංග, එකී භාවිතයට සුදුසු ජලයේ තිබිය යුතු ගුණාත්මකබවේ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017