මතුපිට ජලය
 මතුපිට ජල ප්‍රභව, ගංගා, ඇළ, දොළ, ජලාශ සහ වැව් ලෙස වර්ගීකරණය කළ හැකි ය. රට තුළ ජල ප්‍රදේශවලින් යට වූ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 2900 පමණ වේ.

ශ්‍රී ලංකාව ගංගා ද්‍රෝණි (River basin) 103 කින් සමන්විත වේ. මෙම ගංගාවලින් 20ක් පමණ, වර්ෂය පුරා ගලන ගංගා වන අතර ඉතිරිය කාලීන ගංගා ගණයට අයත් වේ. විශාලත්වය අනුව ගංගා ද්‍රෝණිවල ප්‍රමාණය ද වෙනස්වන අතර එය වර්ග කිලෝමීටර 10 සිට 10,000 දක්වා වෙනස් වේ. විශාලතම ගංගා ද්‍රෝණිය වන මහවැලි ගංගා ද්‍රෝණිය, වර්ග කිලෝමීටර 10,327 පමණ වේ.

වාර්ෂික වර්ෂාපතනයෙන් ලැබෙන මුළු ජල ප්‍රමාණය ඝන මීටර බිලියන 130 පමණ වන අතර, එයින් වැඩි ප්‍රමාණයක් ගංගා මඟින් සාගරයට ගලා යයි. වාර්ෂිකව සාගරයට ගලා යන මුළු ජල ප්‍රමාණයෙන් 30% පමණ වියළි කලාපයෙන් ද, 70% පමණ තෙත් කලාපයෙන් ද වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017