වසරේ බොහෝ මාසවල පතිතවන වර්ෂාව පානීය නොවන අවශ්‍යතා සඳහා විකල්ප ජල මූලාශ්‍රයක් ලෙස යොදා ගත හැකි ය. ස්වභාවික ව ලැබෙන වැසි ජලය මනා කළමනාකරණයකින් රැස් කරන්නේ නම්, ගෙදර භාවිතයට මෙන් ම පානයට ද සුදුසු තත්ත්වයට වුව පත්කර ගත හැකි ය.
වහල මත වැටෙන ජලය ගෘහස්ථ කටයුතු සඳහාත්, පස මතුපිට ගලායන ජලය කෘෂිකාර්මික කටයුතු සඳහාත් භාවිත කළ හැකි ය.
වැසි ජලය එක් රැස් කරගැනීමට ලීටර් 3000, 5000 සහ 10,000 වැනි ධාරිතාවකින් යුතු ටැංකි භාවිත වේ. ප්‍රදේශයේ වර්ෂාපතනය, වහලේ වපසරිය සහ නිවැසියන්ගේ ජල පරිභෝජන ප්‍රමාණය අනුව ටැංකියේ ධාරිතාව තීරණය වේ.
ටැංකියට ඉර එළිය ඇතුළු වීම වළක්වාලීම, වහල, පීලි, නළ පවිත්‍ර කිරීම සහ වසරකට දෙවතාවක් ටැංකිය හිස්කර පිරිසිදු කරගැනීමෙන් මුදුරුවන්, ඇල්ගී, බැක්ටීරියා බෝවීම හෝ ජලය පල්වීම වළක්වා ගත හැකි ය.
රැස් කරගන්නා වැසි ජලය පරිභෝජනයට යෝග්‍ය වන්නේ එහි ගුණාත්මකභාවය නිසි ප්‍රමිතීන්ට අනුකූල වන විට පමණක් වන අතර මෙම ජලය පරිභෝජනයට පෙර විෂබීජ නාශනය සහ පෙරීම අත්‍යවශ්‍ය වේ.
නළ ජලය වෙනුවට වැසි ජලය භාවිතයෙන් ආර්ථික වාසි අත්වනවා සේම ජල සංරක්ෂණ සංස්කෘතියකට දායක වීමක් ද සිදු වේ.