ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව
 ශ්‍රී ලංකාවේ නිවර්තන මෝසම් සහ අන්තර් මෝසම් කාලගුණ තත්ත්ව පවතී. රටේ ජල සම්පත, වර්ෂාපතනය මත තීරණය වේ. ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000 පමණ වන අතර, වියළි කලාපයේ දී එය මිලිමීටර් 2000ට අඩු වේ. තෙත් කලාපයේ දී එය මිලිීමීටර් 2000ට වැඩි වේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය, වඩාත් වියළි පෙදෙස්වල (ඊසාන දිග හා ගිණිකොණ දිග) මිලිමීටර් 900ට අඩු ප්‍රමාණයක සිට වඩාත් තෙත් පෙදෙස්වල (මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුම්) මිලිමීටර 5000ට ඉහළ ප්‍රමාණයන් දක්වා වෙනස් වන විවිධ ප්‍රමාණවලින් යුක්ත වේ.

ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන ආකාර වන්නේ මෝසම්, සංවහන සහ අවපාත මඟිනි.

පළමු අන්තර් මෝසම් කාලය - මාර්තු සිට අප්‍රේල් දක්වා
නිරිත දිග මෝසම් කාලය - මැයි සිට සැපිතැම්බර්
දෙවන අන්තර් මෝසම් කාලය - ඔක්තෝබර් සිට නොවැම්බර්
ඊසාන දිග මෝසම් කාලය - දෙසැම්බර් සිට පෙබරවාරි
(c) Shilpa Sayura Foundation 2006-2017