ඇතුළු කාන්දු වීම (Infiltration)
  පෘථිවිය මතුපිටට ලැබෙන වර්ෂා ජලය පාංශු ස්ථර හරහා පසට ඇතුළු වීමේ ක්‍රියාවලිය ඇතුළු කාන්දුවීම ලෙස හැඳින්වේ. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.

පාංශු තෙතමනය අඩු අවස්ථාවල දී කාන්දුවීමේ ශීඝ්‍රතාව වැඩි අතර පාංශු ජලය සංතෘප්ත වන විට කාන්දුවීමේ ශීඝ්‍රතාව අඩුවේ. වර්ෂාපතන ශීඝ්‍රතාව කාන්දුවීමේ ශීඝ්‍රතාවට වඩා වැඩි අවස්ථාවල දී එම ජලය පසේ පෘෂ්ඨය මතුපිටින් ගලා යාම හෙවත් අපධාවය සිදුවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017