ශාක කොටස් මඟින් ජලය වාෂ්ප ආකාරයෙන් පිට කිරීම උත්ස්වේදනය නම් වෙයි. ශාක මුල් ආසෘතිය මඟින් අවශෝෂණය කර ගන්නා ජලය, සෛලමය පටකය තුළින් ගමන් කර, ශාකය තුළ සිදුවන විවිධ ජෛව ක්‍රියාවලි වලට දායක වී නැවත වායුගෝලයට එක්වන්නේ උත්ස්වේදන ක්‍රියාවලිය මඟිනි.
ශාක පත්‍රයක පිහිටි පාලක සෛල දෙකකට මැදි වූ ක්ෂුද්‍ර ප්‍රමාණයේ සිදුරු පූටිකා ලෙස හඳුන්වන අතර පූටිකා සාමාන්‍යයෙන් ශාක පත්‍රවල යටි පැත්තේ බහුලව පවතී. උත්ස්වේදනය ප්‍රධාන වශයෙන් මෙම පූටිකා හරහා සිදුවේ. ශාකවලින් පිටවන ජල ප්‍රමාණයෙන් 98% ක් පමණ පූටිකා උත්ස්වේදනය (Stomatal transpiration) මඟින් සිදුවේ.