ජලයේ භෞතික තත්ත්වය, වාෂ්ප අවධියේ සිට ද්‍රව අවධියට පත්වීමේ ක්‍රියාවලිය ඝනීභවනය ලෙස හඳුන්වයි. වාෂ්පීකරණයෙන් හෝ උත්ස්වේදනයෙන් වායුගෝලයට එකතු වූ ජලවාෂ්ප පෘථිවියේ ඉහළ අවකාශයට ගමන් කරයි.
කිසියම් වායු ඒකකයකට දරාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය එහි උෂ්ණත්වය මත රඳා පවතී. උණුසුම් වායු ධාරාවක් ඉහළ නගින විට ඉහළ අවකාශයේ පවතින අඩු පීඩනය හේතුවෙන් එම වායු ධාරාව ප්‍රසාරණය වී එහි උෂ්ණත්වය අඩු වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ජල වාෂ්ප ඝනීභවනයට පත් වේ. ජල වාෂ්ප ඝනීභවනයේ දී වායුගෝලයේ පවතින දූවිලි, දැලි, දුම් සහ ලවණ ආදී අංශුවල ජලාකර්ශක න්‍යෂ්ටි වටා ජල අණු ඒකරාශි වීමෙන් කුඩා ජල බිංදු නිර්මාණය වේ. එම ජල බිංදු වලින් වළාකුළු නිර්මාණය වේ.