ජල චක්‍රය යනු සූර් ශක්ති ආධාරයෙන් ජලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට චක්‍රාකාරයෙන් සංසරණය වීමේ ක්‍රියාවලියයි. පෘථිවි තලයෙන් වායුගෝලයට එක්වන ජල ප්‍රමාණය ස්ථානීය වශයෙන් වෙනස් වුව ද සම්පූර්ණ ජල චක්‍රයේ සංසරණය වන ජල ප්‍රමාණය නියතව පවතී.
ජල චක්‍රයේ ක්‍රියාකාරිත්වය සිදු කරනුයේ සූර්යයා විසිනි. මුහුදු සහ ජලාශ මත ඇති ජලය, සූර්ය තාපය සහ අනෙකුත් සාධක නිසා වාෂ්ප බවට හැරේ. ගස්වැල් සහ වනාන්තර මඟින් ද ජලය වාෂ්ප බවට පත් වේ. මෙම ක්‍රියාව උත්ස්වේදනය ලෙස හඳුන්වයි.
ඉහළය යන වායු ප්රවාහයන් මගින් ජල වාෂ්ප වායුගෝලයේ ඉහළට ගෙන යයි. ඉහළ අහසේ සිසිල් උෂ්ණත්වය හේතුවෙන් වලාකුළු බවට ඝනීභවනය වේ. වායු ධාරා මඟින් වලාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු වර්ධනය වීම, ඝටනය වීම සහ වායුගෝලයේ ඇතිවන උෂ්ණත්වය වෙනස් වීම යන කරුණු හේතුකොට ගෙන වර්ෂාපතනයක් බවට පත් වි දියර හෝ තුෂර හෝ හිම කැට ලෙසින් පොළොවට පතිත වේ.
මෙලෙස පොළොවට පතිත වන වර්ෂා ජලය වැඩි කොටසක් ගංගාවලට ගලා යන අතර, අවසානයේ ඒවා ද සාගරයට යොමු වේ. වර්ෂා ජලයෙන් තව කොටසක් ජලාශවල ගබඩා වන අතර ඉතිරිය පොළොව තුළට කාන්දු වී එයින් කොටසක් පෘථිවි පෘෂ්ඨයට ආසන්න ව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් මතුපිට ජලය හා එක්වේ.
ඉතිරි කොටස වෑස්සීම මගින් පොළව අභ්‍යන්තරයට ගමන් කර ජලධරවල දීර්ඝ කාලයක් රැදී තිබේ. සමහර භූගත ජලය උල්පත් ලෙසින් ගොඩබිමෙහි මතු වේ. මෙසේ සාගර, මුහුදු සහ ජලාශවලට එකතුවන ජලය නැවතත් සූර්ය ක්‍රියාවලිය මගින් ජල චක්‍රයක් සේ නොනවත්තාම ක්‍රියා කරයි.