සීමිත සම්පතක් ලෙස ජලයේ වැදගත්කම
 පෘථිවියෙන් 70% පමණ වූ ප්‍රමාණයක් ජලයෙන් ආවරණය වී ඇත. පෘථිවිය මතුපිට වායුගෝලයේ සහ සාගරයේ ජලය විවිධ ආකාරයෙන් පවතී.

* වාෂ්ප, වලාකුළු හා වර්ෂාව ලෙස
* සාගර සහ මුහුදෙහි ඇති ලවණ ජලය ලෙස
* භූගත ජලය ලෙස
* උත්තර හා දක්ෂිණ ධ්‍රැවයේ ඇති මිදුණු ජලය ලෙස
* ගංගා හා විල්වල ඇති ජලය ලෙස
* ජීවි දේහ තුළ පවත්නා ජලය ලෙස

පෘථිවියේ විවිධ ආකාරයෙන් ජලය ප්‍රභවයන් පැවැතුණත් පානීය ජලය ලෙස භාවිත කළ හැකි ජ‍ල ප්‍රමාණය 0.01% ප්‍රමාණයකි. ලොව සැමගේ ජල අවශ්‍යතාව දෙවෙනි වන්නේ වාතයට පමණී. එනිසා ලොව ඇති සීමිත පානීය ජල ප්‍රමාණය සුරැකීම ඉතා වැදගත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017