ට්‍රක් මිශ්‍රක රථය (Truck Mixer)
  ඉහත ආකාරයට මිශ්‍ර කරගත් කොන්ක්‍රීට් මිශ්‍රණය අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කිරීමට විශේෂයෙන් නිර්මාණය කළ වාහනයකි ට්‍රක් මිශ්‍රණ රථය.

ආරම්භයේ සිට අවසානය දක්වා ම මිශ්‍රණය නොනවත්වා කලවම් කිරීමට කොන්ක්‍රීට් බහාලූ බැරලය සෙමෙන් භ්‍රමණය කළ යුතු ය. යම් හෙයකින් භ්‍රමණය නතර වුවහොත් බැරලය තුළ වූ කොන්ක්‍රීට් සවි වීම ආරම්භ වේ. මෙහි පරිමාව 1/4 සිට 4 දක්වා ප්‍රමාණවලින් නිතර භාවිතයේ පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017